මෙ
රට ලියවූ කෘති අතර වැඩි ම ජනාදරය ට පාත්‍ර වූ කෘතිය ලෙස පන්සිය පනස් ජාතක පොත් වහන්සේ හැඳින්විය හැකි ය. අප භාවිත කරන "වහන්සේ" යන ගෞරවාර්ථ පදය මෙ
ම් ග්‍රන්ථය ට හිමි වීම තුළින් ම එය මනා ව අවබෝධ වේ. පිරිත් අඩංගු පිරුවානා
පොත්වහන්සේ හැරුණු විට වෙනත් එකඳු කෘතියක් සඳහා හෝ එ ම ගෞරවාර්ථ පදය
භාවිත නො කරයි. ජාතක කතා තරම් ජනප්‍රියත්වය ට පත් තවත් සාහිත්‍යංගයක්
පෙරදිග
සාහිත්‍යයෙහි නැති තරම් ය. බුදු සමය ලංකාව ට පැමිණීම ත් සමග ම ත්‍රිපිටක
පාලියෙ හි "ජාතක පාලි" නමි කෘතිය ඔස්සේ ලංකාව ට ජාතක කතා පැමිණියේ ය. ජාතක
පාලිය ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථාවන්ට සීමා වූ කෘතියක් විය. එ ම
ගාථාවන්ට මිහිදු හිමියන් දවස සිංහලෙන් අටුවාවක් ලියවිණි. දැනට පවත්නා ජාතක
කතාවන් හි ආරමිභය මෙය ලෙස සලකනු ලැබේ.
මෙම සිංහලෙන් ලියන ලද ජාතක අටුවාව අද අප අතර නැතත් මහානාම රජු දවස ලංකාවට පැමිණි බුද්ධඝෝෂ මායිමියන් ගේ අටුවා පාලිය ට නැගීමේ ව්‍යාපෘතිය ඔස්සේ එය පාලිය ට නැගී අද ත් අප අතර "පාලි ජාතකට්ඨ කතාව" නමින් පවති. "පන්සිය පනස් ජාතක පොත් වයන්සේ "නමින් සිංහල පාඨක ජනයා ගේ ගෞරවය ට පාත්‍ර වු සිංහල ජාතක පොත එ ම පාලි ජාතකට්ඨ කතාවේ පරිවර්තනයක් ලෙස අප අත ට පත් ව ඇත.
සිංහල ජාතක පොත ලියවෙන්න ට පෙර සිට ම ජාතක කතා උගෙනීම ට සිංහලයන් දැක්වු උනන්දුව පැහැදිලි වන සාධක රැසක් ම හමු වේ.දොගොද්වක සියවසේදී ජාතක අටුවා ගැට පදයක් ලියවුනේ ත් ජාතක ගාථා සන්නය, වෙසතුරැ දා සන්නය, දස ජාතක සන්නය, අටදා සන්නය ආදිය ලියවුනේත් ධර්ම ප්‍රදීපිකාවේ සිට සියලු සිංහල සාහිත්‍ය කෘතීන් හි ජාතක කතා ඇතුලත් වුයේ ත් මුවදෙවිදාවත, කුසජාතකය,කවි සිළුමිණ, ජාතක කතා වස්තු කොට පද්‍ය කෘති බිහි වුයේ එ හි ප්‍රතිපල වශයෙනි.
මහා වංශයෙහි මෙසේ සදහන් වෙයි. "සොළී රටින් පැමිණි නා නා භාෂා විශාරද වු තර්කාගමධාරී වු සුසංයත වු එක් මහ තෙරුන් වහන්සේ කෙනෙකු රාජ ගුරු තන් හි තබා ද්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු රජ තෙමේ (1236-1270) උන්වහන්සේගෙන් සියලු ජාතක කතා උගෙන එ හි අර්ථ ධාරණය කොට ගෙන පන්සිය පනසන් පමණ වු සියලු ජාතක කතාවන් පාලි භාෂා සිංහල භාෂාව ට පෙරලා ත්‍රිපිටකධාරී මහ තෙරවරුන් මැද කියවා පිරිසිදු කොට ලියවා ලක්දිව හැමතැන් හි තැබ්බවිය.යළි ත් ඒ ජාතක කතාවන් ස්වකීය ශිෂ්‍ය පරමිපරාවෙන් පාලනය කොට පවත්වනු පිණිස ප්‍රඥා වු මේධංකර නමි තෙර කෙනෙකුන් වහන්සේ ට පැවරී ය."
මෙ ම සදහන ට අනුව පන්සිය පනස් ජාතක පොතේ කතුවරයා කුරුණෑගල රාජධානි කොට ගත් දෙ වන පණ්ඩිත පරාක්‍රමබාහු මහ රජු ය. එ සේ වුව ද ජාතක පොතෙ හි ම එන සදහනෙ හි රජතුමන් ගේ නම සදහන් ව නැත. මහා වංශයෙ හි සදහන් වන පරිදි පරාක්‍රම ඇමති වරයා ගේ ආරාධනයෙන් වීරසිංහ ප්‍රතිරාජ ගේ උත්සාහයෙන් අටුවා සාමීන් විසින් සිංහල ජාතක පොත ලියනු ලැබි ය. මහා වංශයෙ හි සදහන ට අනුව ස්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා ජාතක කතා සිංහලය ට පරිවර්තනය කොට ඒවා ප්‍රචාරය කරවන්න ට ඇත. වර්තමාන ජාතක පොතේ සදහන් වන අන්දමට පසුව ජාතක කතා හා පාලි දැන උගත් කතෘ මණ්ඩලයක් විසින් සමිපාදනය කරන්න ට ඇත.
ජාතක පොතෙහි ජාතක කතා පන්සිය හතලිස් හතක් ඇත. සියලු ජාතක කතාවල ට පොදු රටාවක් ආකෘතියක් ඇත. පළමු ව අතීත කතාව ද, අනතුරු ව වර්තමාන කතාව ද, අවසාන සමෝධානය ද, වශයෙන් ජාතක කතාවක කොටස් ත්‍රිත්වයක් හඳුනාගත හැකි වේ.
වර්තමාන කතාව ගෞතම බුදුරජාණන් වහන්සේලේ කාලය ට අයත් ය. අතීත කතාව ඉදිරිපත් කර ඇත්තේ අතීතාවලෝකනයෙනි. වර්තමාන අතීත දෙකෙ හි සම්බන්ධය බුදුරජාණන් වහන්සේ විසින් ම දක්වනු ලබයි. ජාතක කතා කරුවා ට ආවේනික වූ අපුර්ව ආකෘතිය ජාතක කතා නිර්මානකරුගේ අපුර්ව ප්‍රතිභාව කියා පාන්නක් වේ. ජාතක කතාවන් හි බොහෝ විට උත්සාහ ගෙන ඇත්තේ චරිත වල ආධ්‍යාත්මය දෙස ට එබී බැලීම ට යි. ජාතක පොතෙ හි බස් වහර ගත් විට ජාතක කතා කරුවා තම කෘතිය ව්‍යවහාර භාෂාව ට සමීප කරන්න ට උත්සාහ ගෙන ඇත.

0 comments:
Post a Comment